
රුපියල් මිලියන 59කට අධික මුදලක් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ හවුල් ගිණුමක පැවැති බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයෙන් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඩේසි ෆොරෙස්ට් නම් කාන්තාව අදාළ නඩුවේ සැකකාරියක ලෙස නම් කර නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි.
රත්මලාන – සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් සහිත ඉඩමක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජනවාරි 27 වැනිදා අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ දින 02කට පසු ඇප මත මුදාහැරුණා.

මේ වනවිට නඩුකරයක් පවතින මෙම ඉඩමේ ප්‍රධාන සැකකාරිය ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය නම්කර තිබෙනවා.
මේ අතර මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා නව ඒකකයක් පිහිටුවීම ඇතුළු පොලිස් පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.
source :- https://tinyurl.com/hh9fvty3








