ලංකාවෙන් තවත් වාර්තාවක්! ලොව දිගම මුද්දරය එළිදක්වයි!
ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් බවයි.
එම මුද්දරය ඊයේ(20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා...
හිටපු මන්ත්‍රී ජයන්ත දිවි සැරිය නිම කරයි
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 78 වන වියේ පසුවිය.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා දශක...
පාස්කු වන්දි මුදලින් හිටපු ජනපති මෛත්‍රී නිදහස් වෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය මුදල ඔහු විසින් ගෙවා අවසන් කර තිබේ .
ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ඔහු විසින් ගෙවා අවසන් කර...
කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ගැන ජනපති ගත් තීරණය
කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ, මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති...
තැනින් තැන විටින් විට තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි...
ඉදිරි පැය කිහිපයේ තද වැස්සක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ.
අද (20) සවස 4ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට සවස 4 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර...
“සොබාධනවි” සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළැඹෙයි
කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri...
රියදුරු බලපත්‍ර ලක්ෂ විස්සක් අවලංගු කිරීමට සැරසෙයි
2009 වසරට පෙර නිකුත් වී ඇති ලක්ෂ විස්සකට අධික රියැදුරු බලපත්‍ර ගණනක් ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පැරණි රියැදුරු බලපත්‍ර පොත් සහ සුදු පැහැ කාඩ්පත්වලින් නිකුත් කර ඇති බවත් එම රිය...
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම පිළිබඳව තැපැල් ඡන්ද හිමියන්ට දැනුම් දීමක්
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා විය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව හෙළිකළේය.
එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට...
කෙහෙළියට තවත් ලොකු ලෙඩක් වැටෙයි! මිලියන 100 බැගින් වන්දි ඉල්ලා තිදෙනෙක් අධිකරණයට යයි!
පුද්ගලයින් තිදෙනෙකු කොළඹ දිසා අධිකරණයට රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 10 දෙනෙකුට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා.
ඒ, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු තමන්ට ලබාදුන් ඖෂධ නිසා තම ඇස් පෙනීම අහිමි වූ...














