
2009 වසරට පෙර නිකුත් වී ඇති ලක්ෂ විස්සකට අධික රියැදුරු බලපත්‍ර ගණනක් ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පැරණි රියැදුරු බලපත්‍ර පොත් සහ සුදු පැහැ කාඩ්පත්වලින් නිකුත් කර ඇති බවත් එම රිය බලපත්‍ර ලක්ෂ විස්සෙන් ලක්ෂ දාහතරක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බවත් කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙමගින් පැරණි රියැදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කරන බවත් සඳහන් කළේය.
මෙර ජනගහනයෙන් ලක්ෂ හැටකට ආසන්න සංඛ්‍යාවක් රියදුරු බලපත්‍රයකට හිමිකම් කියන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.








