වරායේ සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 65ක්
කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්යම රජය ඊයේ (08) ප්රකාශයට පත් කර තිබෙනවා.
කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්රී...
වගා ළිදකට වැටුණ වන අලිපැටවා
මුලතිව්, සෙම්මාලෙයි පුලියකෝනා ගම්මානයේ අනාරක්ෂිත වගා ළිදකට වන අලි පැටවෙකු ඊයේ (08) වැටී තිබෙනවා.
ගම්වාසීන් පිරිසක් මෙම වන අලි පැටවා වගා ළිදට වැටී ඇති අයුරු දැකීමෙන් පසුව ඒ පිළිබඳව එම ප්රදේශය භාර ග්රාම නිලධාරීවරයා හරහා පොලීසියට හා වනජීවී නිලධාරීන්ට දැනුවත් කර...
නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලට හෙට දිනයේ මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති...
කලුගමුව හන්දිය අසල පාරේ බිහිසුණු අනතුරකින් 4ක් රෝහලේ
කුරුණෑගල මීගමුව ප්රධාන මාර්ගයේ කලුගමුව හන්දිය අසලදී අද(08) දහවල් සිඳු වූ අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ත්රිරෝද රථයක් සහ සුපෝපබෝගි බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ත්රීරෝද රථයේ ගමන් කළ 04 දෙනා තුවාල...
‘රාජාලි සංදේශය’ කෘතිය එළිදක්වයි
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රචිත ශ්රී ලංකා සාහිත්ය ඉතිහාසයේ දීර්ඝතම කාව්ය සංග්රහය වන “රාජාලි සංදේශය” එළිදැක්වීම පසුගිය 06 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරණා.
මෙම කාව්ය සංග්රහය තුළින් එල්ටීටීඊ ත්රස්තවාදය මුලිනුපුටා දමනු වස් මෙරටේ විරෝධාර රණවිරුවන් විසින්...
මුහුදේ දී මෙරටට අයත් ධීවර යාත්රාවක් කොල්ලකයි
මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යාත්රාවක් ඊයේ (07) දින රාත්රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැමිණ කොල්ල කා තිබෙනවා.
එහිදී එම යාත්රාවේ සිටි ධීවරයින්ට පහරදී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුක්ත ධීවර ආම්පන්න ඇතුළු...
සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ
ආනයනික සිමෙන්ති කිලෝවක් සඳහා දැනට පනවා ඇති සෙස් බද්ද රුපියලකින් අඩුකර ඇති බව මුදල් අමාත්යාංශය පවසනවා.
පෙරේදා සිට ක්රියාත්මක වන පරිදි මෙම අඩුකිරීම සිදුකර ඇති බව සඳහන්. මේ අතර භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ...
බෙංගාල බොක්ක අදත් අවදානම්
මධ්යම බෙංගාල බොක්ක ආශ්රිත ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (08) දිනය තුළ පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්රා නොකරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්රජාවට දැනුම්දෙනවා.
එම...
කළුතර දකුණ ඡන්ද පත්රිකා බෙදූ තැපැල්කරුවෙකුට පහරදීමක්
ඡන්ද පත්රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ජාවත්ත ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව...
නිවසක් තුල සිදු වු අඹුසැමි ආරවුලකින් දෙදෙනාම මිය යයි
මිහින්තලය, කුංදිකුලම ප්රදේශයේ ඊයේ (07) පෙරවරුවේ නිවසක් තුල සිදු වු අඹුසැමි ආරවුලකින් බිරිඳ සහ සැමියා මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසුවේ, නිවසේ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙන අතර ඔහුගේ බිරිඳ තුවාල...














