කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන්.

ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත්, භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදාවන බවද ඉන්දියව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද වැඩිදුරටත් සදහන්.

source :- t.ly/Xb62Z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here