මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (08) දිනය තුළ පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා.

එම පීඩන අවපාතය ඉදිරි දින දෙක තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔඩීෂා වෙරළ දෙසට ළඟාවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව එම මුහුදු කලාපයේ පැයට කිලෝමීටර 80 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර, මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://shorturl.at/ciUs8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here