දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට හෙට දිනයේ මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි ඇති විය හැකි බවද සඳහන්.

source :- https://shorturl.at/kqRSP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here