මිහින්තලය, කුංදිකුලම ප්‍රදේශයේ ඊයේ (07) පෙරවරුවේ නිවසක් තුල සිදු වු අඹුසැමි ආරවුලකින් බිරිඳ සහ සැමියා මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, නිවසේ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙන අතර ඔහුගේ බිරිඳ තුවාල සහිතව නිවස තුල බිම වැටී මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 61 ක් වු අයෙකු වන අතර මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 56 ක් වන කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියා සිටියා.

මෙම අඹුසැමියන් නිතර නිතර ආරවුල් ඇති බවත් ඔවුන් 06 වනදා දින රාත්‍රී කාලයේදී ඇති වු ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලිසිය විසින් සිදු කල මුළික විමර්ශන වලදී අනාවරණ තිබෙනවමා.

මෘත ශරීර පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂනය සිදු කර අනුරාධපුර රොහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් පොරවක් අපරාධ සිදු වු ස්ථානයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව මිහින්තලය පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

source :- https://shorturl.at/Oa42j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here