
මුලතිව්, සෙම්මාලෙයි පුලියකෝනා ගම්මානයේ අනාරක්ෂිත වගා ළිදකට වන අලි පැටවෙකු ඊයේ (08) වැටී තිබෙනවා.
ගම්වාසීන් පිරිසක් මෙම වන අලි පැටවා වගා ළිදට වැටී ඇති අයුරු දැකීමෙන් පසුව ඒ පිළිබඳව එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා හරහා පොලීසියට හා වනජීවී නිලධාරීන්ට දැනුවත් කර තිබෙනවා.
වන ජීවී නිලධාරීන් සදහන් කළේ වන අලි පැටවා වැටී ඇති ස්ථානයට නිලධාරීන් පිරිසක් ගොස් පරීක්ෂා කිරීමේදී වසරක පමණ වයස වන අලි පැටවෙකු වගා ළිදට වැටී ඇති අන්දම ඔවුන් නිරීක්ෂණය කළ බවයි.

වනඅලිපැටවා ගොඩ ගැනීමට හැකි ඉක්මනින් බැකෝ යන්ත්‍රයක් සපයාගෙන අදාළ කටයුතු සූදානම් කොට ඇති බවද වන ජීවී නිලධාරීන් පවසා සිටියා.
source :- t.ly/wdlya







