Sunday, April 26, 2026

දේශපාලන පුවත්

විමල්ගේ නඩුවක සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදාට කල් යයි

2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය...

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට සිට

ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම...

මැතිවරණ කොමිසමෙන් පොහොර හා ධීවර සහනාධාරයට වැට

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන්...

ප්‍රභූ ආරක්ෂක දීමනාවට මොකක් වෙයිද?

ප්‍රභූ ආරක්ෂක රාජකාරින් සඳහා යොමුකර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නවතා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව...

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන්. 2001 වසරේ පැවැති රජය 2001 ඔක්තෝබර්...

කුමාර වෙල්ගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද පෙරවරුවේ සිට අවස්ථාව උදාවනවා. දේහය, මතුගම - හොරවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට පස්වරු හතරට මතුගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන්...

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට වග කියනවා

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව පැවසුවේ ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ...

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. source :- https://tinyurl.com/2rx55r79

විගණන කාර්යාලයෙන් විශේෂ විගණනයක්

සියලු‍ම රජයේ ආයතන ආවරණය වන පරිදි ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය ආයතන සතුව ඇති වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහායි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාල ඇතුළු ස්ථාන කිහිපයක ගාල් කර ඇති රථ...

මින් ඉදිරියට පාසලේ උත්සවවලට මුදල් එකතු කරන්න බෑ

පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිරන්තරයෙන් වාර්තා වන බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සඳහන් කරනවා. මේ හේතුවෙන්...
statistics