ප්‍රභූ ආරක්ෂක රාජකාරින් සඳහා යොමුකර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නවතා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා තිබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පසුගිය 22 වනදායින් පසු ප්‍රභූ ආරක්ෂක රාජකාරියන්හි නොයෙදෙන බවයි.

එබැවින් ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව, පසුගිය 22 වනදා දක්වා පමණක් ලබා දෙන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

එසේම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

source :- https://tinyurl.com/y7b862jn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here