රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ජා – ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව අද අලුයම 12.00 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය සන්තකයේ තිබූ ගමන් මලු තුල දුම්වැටි 36,800ක් අඩංගු දුම්වැටි කාටූන් 184ක් සඟවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/2sh3dha5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here