පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිරන්තරයෙන් වාර්තා වන බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සඳහන් කරනවා.

මේ හේතුවෙන් වැඩි වශයෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතරම විවිධ ගැටලුවලට ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ටද මුහුණ දීමට සිදුවන බවයි ලේකම්වරිය සඳහන් කරන්නේ.

එම නිසා මෙම ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් විසින් වග බලා ගත යුතු බව ඇය සඳහන් කරනවා.

එමෙන්ම මෙවැනි උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවටයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන්, රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් සහ පරිවේණාධීපති හිමිවරුන්ට ලිපියක් යොමු කරමින් ලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

source :- https://tinyurl.com/26kuuwpx

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here