ජනාධිපති අනුර කුමාර දිසානායක අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ගොස් තිබෙනවා.

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එය ඊයේ (27) දිනයේ ආරම්භ වූ අතර ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන සංවත්සරයද සමරමින්.

පොත පත කෙරෙහි උනන්දුව දක්වන විශාල පිරිසක් ඒකරාශී කරන මෙම ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශන කිහිපයකින් එකක්.

source :- https://tinyurl.com/4jwvbv8e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here