ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී ඇය කියා සිටියේ තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවයි.

එමෙන්ම මහ මැතිවරණය සඳහා හොඳින් සූදානම් විය යුතු අතරම ජනාධිපතිවරණයේදී ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/yc2td5vp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here