2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී පොලිස් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා දක්වා කල් දැමුවා.

සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මං මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළේ යයි චෝදනා කොට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

source :- t.ly/kl070

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here