Friday, April 17, 2026

විදේශීය පුවත්

රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාව බාබෙල් එකක් බෙල්ලට වැටී ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජාතික මට්ටමේ කනිෂ්ඨ බර එසවුම් ක්‍රීඩිකාවක් වන 17 හැවිරිදි යෂ්ටිකා ආචාර්යා බිකනර් හි ව්‍යායාම ශාලාවක පුහුණුවීම් කරමින් සිටියදී සිදුවූ ඛේදජනක අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලෝග්‍රෑම් 270ක බාබෙල් එකක් ලිස්සා ගොස් ඇගේ බෙල්ලට වැටීමෙන් මාරාන්තික අස්ථි බිඳීමක් සිදු වී ඇය...

ඇපල් iPhone 16 මාදිලියට නවතම iPhone 16e

ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිතයි. එමෙන්ම ඇපල් සමාගම සඳහන් කරන්නේ පෙර...

යුක්රේන ජනාධිපති ඒකාධිපතියෙකු ලෙස ප්‍රකාශ කරයි

යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. සෞදි අරාබියේ පැවති අමෙරිකානු - රුසියානු සාකච්ඡාවලට තම රට සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා දැඩි විවේචනයක් එල්ල කළා. එහිදී ඔහු කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා රුසියාවේ තොරතුරු මත...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියාව වැළදෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා. එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම වර්ධනය වී ඇති බවයි වතිකානුව සඳහන් කරන්නේ. තවද මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 88 හැවිරිදි වියේ පසුවන...

ගොඩබෑමට ගිය ගුවන් යානයක් පෙරළෙයි

කැනඩාවේ ටොරොන්ටෝ නුවරට ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළී යාමෙන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් කළා. අමෙරිකාවේ මිනසෝටා සිට කැනඩාව බලා පියාසර කළ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මෙම යානය අනතුරට පත්වන විට පුද්ගලයින්...

සාකච්ඡාවලට යුක්රේනයට ආරාධනා නැහැ

යුක්‍රේනය සමග සිදු කරන යුද්ධය අවසන් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ සෞදි අරාබියේදීයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පවත්වනු ලැබූ දුරකතන සංවාදයේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි. කෙසේ වෙතත්,...

රික්ටර් මාපක 4ක භූකම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලිය අවට ප්‍රදේශවලට අද රික්ටර් මාපක 4ක භූකම්පනයක් ඇතිව තිබෙනවා. අද උදෑසන 5:36ට පමණ කිලෝමීටර 5ක් ගැඹුරට මෙම භූකම්පනය දැනුණු බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ. දිල්ලි, නොයිඩා, ඉන්දිරපුරම් සහ අනෙකුත් කලාපවලට බලපෑ භූමිකම්පාව උතුරින් 28.59ක...

මනාලයා හදිසියේම ජීවිතක්ෂයට

මංගල පෙරහරේ ගමන් කරමින් සිටි මනාලයෙක් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂියෝපූර් දිස්ත්‍රික්කයෙන්. ප්‍රදීප් ජැට් නම් වූ මෙම මනාලයා අශ්වයා පිට නැග විවාහ මංගල්‍ය පෙරහැර සමඟ විවාහ මංගල්‍යයට...

දුම්රිය තදබදයකින් 18 දෙනෙක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය...

06 දෙනෙකු මියගිය දකුණු කොරියාවේ ගින්න

දකුණු කොරියාවේ - බුසාන් හි පිහිටි හෝටලයක් ඉදිකරමින් පවතින ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ වන විටත් එම ස්ථානයෙන් සේවය කළ සියයකට වැඩි පිරිසක්...
statistics