
යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
සෞදි අරාබියේ පැවති අමෙරිකානු – රුසියානු සාකච්ඡාවලට තම රට සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා දැඩි විවේචනයක් එල්ල කළා.
එහිදී ඔහු කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා රුසියාවේ තොරතුරු මත පදනම්ව පමණක් කටයුතු කරන බවටයි.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා නම්‍යශීිලිව කටයුතු නොකරන්නේනම් ඔහු සමඟ අනෙක් රටවල් නොසිටිනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවනවා.
මේ අතර, යුක්රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු ලෙස විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයාට ජර්මානු චාන්සලර්වරිය ඇතුළු යුරෝපීය රටවල නායකයින් සිය විරෝධය පළ කරනවා.
source :- https://tinyurl.com/2feeahjn








