
සෑම විදාතා නිලධාරියෙකුම අධීක්ෂණයට සහ කාර්ය සාධනය මත පදනම්ව ඇගයීමට නව ක්‍රමවේදයක් සකස් කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශියීය උපදේශන කාරක සභාවේදී විෂයභාර අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන කියා සිටියේ, ඊට අදාළ උපාය මාර්ගික සැලැස්මක් මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි.
ගමට තාක්ෂණය ගෙන යාම මේ හරහා සිදු කෙරෙන අතර රට පුරා පවතින විදාතා නිලධාරීන්ගේ පුරප්පාඩු වෙනුවට සංවර්ධන නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම තැඹිලි කෝම්බ උපයෝගි කරගනිමින් ස්වභාවික සායම් සෑදීමේ තාක්ෂණික ක්‍රමවේද ද්විත්වයක් හදුන්වාදුන් බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා.
source :- https://tinyurl.com/fe9kxeu5








