නිවසක තිබී ගෙල කැපූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු හමුවෙයි
අහංගම - වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මොවුන් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැකකරන බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 63 හැවිරිදි කාන්තාවක් සහ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
මෙම...
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජයශංකර් සජිත් හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී හමුවක් අද (04) කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී සිදුවුණා.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු...
කොළඹ ජාතික රෝහලේදී ඩුබායිහිදී පහරකෑ අයෙක් මරුට
ඩුබායි හිදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව සිටි අයෙකු මෙරටට ගෙන්වාගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (3) මියගොස් ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය පවසනවා.
මියගිය තැනැත්තා බී.ඩී. විමුක්ති කුමාර (36) නැමැති අයෙකු බවත් ඔහු වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය...
රථවාහන ගමනාගමනය සඳහා ගාලු කොටුවේ වන් වේ නීතිය අත්හිටුවයි
ගාලු කොටුව තුළ රථවාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිසාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය කර තිබෙනවා.
මෙම මංතීරු නීතිය නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවට ත්‍රි රෝද රථ...
කෙහෙළියගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.
අල්ලස් කොමිසම...
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) මෙරටට පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.
ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අභිනව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව...
දිනකට තිදෙනෙක් පියයුරු පිළිකාවෙන් මියයයි
මෙරට දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ හදුනාගන්නා බවත්, පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
එමෙන්ම ලොව පුරා වාර්ෂිකව මිලියන 2.3ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තා වන...
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි...
නාඳුනන මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයේ
වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබේ.
අද (03) දින දහවල් කාලයේ දී වැල්ලවත්ත පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.
මරණකරු 45 හැවිරිදි පමණ පෙනුමක් සහිත, සාමාන්‍ය සිරුරකින් හෙබි උස අඩි 05 අඟල් 04ක...
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොලිස් නිලධාරීන් පිරිසක් සමාව අයදී
යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය.
කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු විසින් ගොනුකර තිබූ...














