අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක් වූ අඹු සැමි යුවලකගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මොවුන් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැකකරන බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 63 හැවිරිදි කාන්තාවක් සහ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මෙම යුවලගේ දියණිය විසින් සිය පියාට දුරකථන ඇමතුම් ලබා දී තිබු නමුත් දුරකථනට ප්‍රතිචාර නොදැක්විම නිසා ඒ බව ඥාතියෙකුට දැනුම් දී තිබෙනවා.

පසුව අදාළ ඥාතියාගේ දැනුම්දීම මත පොලිසිය සිදුකළ පරීක්ෂා කිරීමකදියී නිවස තුළ තිබී මළ සිරුර සොයාගෙන තිබුණේ.

source :- https://tinyurl.com/3tdb72va

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here