
ඩුබායි හිදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව සිටි අයෙකු මෙරටට ගෙන්වාගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (3) මියගොස් ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය පවසනවා.
මියගිය තැනැත්තා බී.ඩී. විමුක්ති කුමාර (36) නැමැති අයෙකු බවත් ඔහු වස්කඩුව, පනාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඔහු ඩුබායි රැඳී සිටියදී මිතුරන් දෙදෙනකු සමග ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී මිතුරන් දෙදෙනා විසින් කළ පහරදීමක් හේතුවෙනුයි මොහු කෝමා තත්ත්වයට පත්වී ඇත්තේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පසුගිය (28) වැනිදා ඩුබායි සිට මෙරටට ගෙන්වාගෙන තිබෙනවා.
අනතුරුවයි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ.
මෙසේ මියගිය පුද්ගලයාගේ මව අද (4) ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මීගමුව දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ගේ උපදෙස් පරිදි කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
source :- https://tinyurl.com/39nk5bt7







