Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක්

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමටයි තරග තීරකවරයා කටයුතු කර ඇත්තේ. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න්හි අද ආරම්භ...

දුනිත් වෙල්ලලාගේ ඉවත්කළ හේතුව

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය...

ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විශ්‍රාම යයි

ඉන්දියාවේ ප්‍රධානතම දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ, බ්‍රිස්බේන්හි ගැබා හිදී පැවති තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසුවයි ඔහු මෙම නිවේදනය සිදුකර ඇත්තේ. 37 හැවිරිදි ඔහු තරගයෙන් පසු පැවති...

හිටපු නායක ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත...

මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙක්

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පසුගිය ඉරිදා අවසන් වූ ලෝක ජලජ කනිෂ්ඨ කිමිදුම් ශූරතාවලියේදී දස්කම් පෙන්වීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙක් වන මිහායිල් ජයවීර සහ විනුදි කන්කානම්ගේ සමත් වුණා. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කිමිදුම් පහසුකම් නොමැති පසුබිමකදී ඔවුන් මෙම දස්කම් දක්වා තිබීම විශිෂ්ඨ...

මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ජාතික ඔලිම්පික් කමිටුව අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙනයි. මෙම වාතාවරණය මැද ඊයේ පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටු ව්ශේෂ මහසභාව උණුසුම් මුහුණුවරක් ගෙන...

ශ්‍රේණිගත කිරීම්වලින් කමිදු මෙන්ඩිස් පියවරක් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව, 10 වන ස්ථානයේ සිටි ඔහු 9 වන ස්ථානය දක්වා පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න හිමිව ඇත්තේ, 16 වන ස්ථානයයි. එමෙන්ම,ශ්‍රී ලංකා...

බෙන් ස්ටෝක්ස්ගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඇත

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඇතැයි ඔහු පවසනවා. ඔහු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්ථානයට ගොස් සිටියදීයි ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව ඇත්තේ. අපරාධය සිදු අවස්ථවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන්...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන්නැයි නියෝග

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකරුවන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අධිකරණය හමුවී පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා. ඉදිරියේදී...

සුමති ධර්මවර්ධන ICC දූෂණ මර්දන ඒකකයේ නව සභාපති ලෙස පත් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන පත්කර තිබෙනවා. අනිද්දා සිට මෙම පත්වීම ක්‍රියාත්මකයි. source :- https://tinyurl.com/muz33ruc
statistics