
නවසීලන්ත තණතීරුවල ක්රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (20) දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ පුහුණුවීම් නවසීලන්තයට ගිය පසු ආරම්භ කරන බවත් දින 5ක් පමණ කාලයක් පුහුණු වීම් සිදු කිරීම්ට බලාපොරොත්තු වන බවත් ය.

තරග තුන බැගින් වූ එක්දින සහ පන්දුවාර 20 තරගාවලියකට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ රාත්රියේ නවසීලන්තය බලා පිටත්ව ගියා.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්ය වෙත අදහස් දැක්වූ ශ්රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක කියා සිටියේ, මේ වන විට ක්රීඩකයින් හොඳ මානසිකත්වයක පසුවන බවයි.
මෙම තරගාවලිය අභියෝගාත්මක එකක් බවත්, ටී – ටෙන් තරගාවලියට ක්රීඩා කර මෙරට ක්රීඩකයින් එම අභියෝගයට මුහුණ දීම සදහා හොද සූදානමින් පසුවන බවත් ඔහු කියා සිටියා.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 28 වනදා ආරම්භ වීමට නියමිතයි.
එහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා නායක චරිත් අසලංක,








