
රුපියල් කෝටියකට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ, ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයෙක් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 170,000ක මුදලක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/3txcye7r







