ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමත් සමග දැනට මෙරට තුළ භාවිත වන වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යනු ඇති බව ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ජගත් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටට වඩාත් යෝග්‍ය වන්නේ එංජින් ධාරිතාව අඩු වාහන බවයි.

කොවිඩ් වසංගතයත් සමගින් මෙරටට වාහන ආනයනය 2021 වසරේ සිට තහනම් කිරීමට රජය පියවර ගත් අතර වසර ගණනාවකට පසු එම සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර ලබා දෙන බව රජය පවසනවා.

එම තත්ත්වයත් සමග දැනට මෙරට තුළ පවතින වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යන බවයි ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සඳහන් කළේ.

source :- https://tinyurl.com/4us9anvu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here