
රුසියාවේ නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර තොගය ප්‍රමිතියට අනුකූල බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ප්‍රකාශ කළා.
එම පොහොර තොගයේ වර්ණය පිළිබදව ගොවීන් සහ ගොවි සංවිධාන අතර, යම් කතාබහක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය සොයාබැලීමක් සිදු කරනු ලැබුවේ.
මෙම පෙහොරවල ප්‍රමිතිය පිළිබදව පාංශූ විද්‍යාව පිළිබද විශේෂඥ රේණුකා සිල්වා සහතික කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු අනීතික බියක් ඇති කර නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට දැනුම් දෙනවා.

source :- https://tinyurl.com/bdhatatf







