බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පසුගිය ඉරිදා අවසන් වූ ලෝක ජලජ කනිෂ්ඨ කිමිදුම් ශූරතාවලියේදී දස්කම් පෙන්වීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙක් වන මිහායිල් ජයවීර සහ විනුදි කන්කානම්ගේ සමත් වුණා.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කිමිදුම් පහසුකම් නොමැති පසුබිමකදී ඔවුන් මෙම දස්කම් දක්වා තිබීම විශිෂ්ඨ බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

දින අටක් පුරා පැවති මෙම ශූරතාවලියට රටවල් 40 කින් ලොව හොඳම කනිෂ්ඨ කිමිදුම්කරුවන් 250 ක් සහභාගී වූවා.

කිමිදුම් විශේෂඥයින් අවධාරණය කළේ මෙම ශූරතාවලියේ බොහෝ සහභාගිවන්නන් බොහෝ විට ඔලිම්පික් පදක්කම්ලාභීන් බවට පත්වන බවයි.

source :- https://tinyurl.com/ntvd3enn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here