
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඇතැයි ඔහු පවසනවා.
ඔහු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්ථානයට ගොස් සිටියදීයි ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව ඇත්තේ.
අපරාධය සිදු අවස්ථවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවාස තුළ සිට ඇති නමුත් ඔවුන්ට කිසිඳු අනතුරක් සිදුව නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර, මුහුණු ආවරණය කරගෙන සිටි පිරිසක් නිවසට ඇතුළු වී ස්වර්ණාභරණ ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ගෙන ගොස් ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
source :- https://tinyurl.com/mryb8ma5








