
ඉන්දියාවේ ප්‍රධානතම දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඒ, බ්‍රිස්බේන්හි ගැබා හිදී පැවති තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසුවයි ඔහු මෙම නිවේදනය සිදුකර ඇත්තේ.
37 හැවිරිදි ඔහු තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීයි එය නිල වශයෙන් ප්‍රකාශ කළේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනයයි. මම මතකයන් ගොඩක් නිර්මාණය කර තිබෙනවා. BCCI, මගේ සෙසු කණ්ඩායම් සගයන්, සියලුම පුහුණුකරුවන්ට ස්තූතියි. මට ස්තූති කිරීමට බොහෝ දෙනෙක් ඉන්නවා.”
source :- https://tinyurl.com/y35rhy64








