Friday, April 24, 2026

විදේශීය පුවත්

අභ්‍යවකාශ ආයතනයකට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනෙකුට ජීවිතක්ෂයට

තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි අභ්‍යවකාශ ආයතනයක මූලස්ථානයට ඊයේ (23) එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුර්කියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, උතුරු ඉරාකයේ සහ උතුරු සිරියාවේ...

චීනය තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට උඩින් චන්ද්‍රිකා 02ක් යවලා

චීනය එරට Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා දියත් කර ඇති බවත්, තායිවානයේ නිරිතදිග ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය හරහා තිබෙන පියාසර මාර්ගයක් හරහා ඒවා ගමන් කරන බවත් තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් එම අමාත්‍යංශය...

පුටින්ට ඉන්දියාවෙන් ආරාධනාවක්

සංචාරයක් සඳහා පැමිණෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉන්දියාවෙන් ආරාධනයක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එම ආරාධනය සිදු කර ඇති බවයි. 16 වැනි බ්‍රික්ස් සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවේ කසාන් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්...

ගල්පර දෙකක් අතර තරුණිය සිරවෙයි

ගිහිලී ගිය ජංගම දුරකථනය ලබා ගැනීමට උත්සාහ ගත් තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවුණු පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. Matilda Campbell නම් මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේදී බවයි වාර්තා වෙන්නේ. වහාම ක්‍රියාත්මක වුණු...

ඊශ්‍රායලයට අමෙරිකාවෙන් චෝදනා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සදහා ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කළා. ඔහු මේ බව සදහන කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවූ අවස්ථාවේදීයි. එහිදී මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග තවදුරටත්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමතරව අමෙරිකානු ඩොලර් බිලියන 2ක්

දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම්වලට මුහුණ දීම සඳහා පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) අමතරව අමෙරිකානු ඩොලර් බිලියන 2ක් අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථානයේ මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ්, මේ මස අගදී පැවැත්වීමට නියමිත වාර්ෂික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වල දී...

පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි අතර හමුවක් රුසියාවේ කසාන් හිදී පැවැත්වීමට නියමිතයි. රුසියාවේ කසාන් හි පැවැත්වෙන BRICS සමුළුවට සමගාමීව එම හමුව සිදුවන බවයි රුසියානු රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර BRICS සමුළුවේ සභාපතිත්වය රුසියාව විසින්...

බේරුට් අගනුවරට ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාර

ලෙබනනයේ බේරුට් අගනුවරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බේරූට් ඇතුළු නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය ඊයේ අනතුරු අඟවා...

ලියම් පේන්ගේ මරණයට හේතුව හෙළිවෙයි

One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne, ආර්ජන්ටිනාවේ Buenos Aires හි CasaSur Palermo හෝටලයේ ඔහුගේ හෝටල් කාමරයේ තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් පසු ඔක්තෝබර් 16 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී තිබෙනවා. විදෙස් ප්‍රවෘත්ති...

ඊශ්‍රායල අගමැති ඉල්ලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සිද්ධිය වන අවස්ථාවේ අගමැතිවරයා හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් නිවසේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්...
statistics