රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි අතර හමුවක් රුසියාවේ කසාන් හිදී පැවැත්වීමට නියමිතයි.

රුසියාවේ කසාන් හි පැවැත්වෙන BRICS සමුළුවට සමගාමීව එම හමුව සිදුවන බවයි රුසියානු රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර BRICS සමුළුවේ සභාපතිත්වය රුසියාව විසින් දරන අතර එහි සාමාජික රටවල් මෙන්ම තවත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් රුසියාවට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද (22) උදෑසන රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා දෙදිනක් පුරා රුසියාවේ රැඳී සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඊට සමගාමීව ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හමුවීමට නියමිතයි.

ඒ අනුව සිය තුන්වන පදවි ප්‍රාප්තියෙන් පසු නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙයයි.

BRICS හවුලේ අනෙකුත් සාමාජික රටවල් වන චීනයේ සහ දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නායකයින් ද මේ සඳහා සහභාගී වීමට නියමිතයි..

source :- https://tinyurl.com/2teu69vr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here