වැටුප් සියයට 400කින් ඉහළ දැමීමට සැරසෙයි
සිරියාවේ වත්මන් රජය විසින් එරට රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් පවසා ඇත්තේ, අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව මෙසේ එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් වැඩි කරන බවයි.
මේ සදහා...
අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
අමෙරිකාවට බලපා ඇති දැඩි ශීත කුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 60කට වැඩි පිරිසට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
කුණාටුව හේතුවෙන් කෙන්ටකි, කැන්සාස්, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, ආකැන්සාස් සහ මිසූරි යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම,...
ගුජරාටයේ හෙලිකොප්ටරයක් කඩා වැටේ
ගුජරාටයේ වෙරළාරක්ෂක හෙලිකොප්ටරයක් පුහුණුවීම් අතරතුර අනතුරට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ යානයේ තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
හෙලොකොප්ටරය තුළ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
යානයේ සිටි තිදෙනා...
ටූනා මාළු තොගයක් මිලියන 1.3කට වෙන්දේසි වෙයි
ජපානයේ, ටෝකියෝ නුවර පිහිටි තොයෝසූ මත්ස්‍ය වෙළෙඳපොළේදී ටූනා මත්ස්‍ය තොගයක් අමෙරිකානු ඩොලර් මිලියන 1.3කට වෙන්දේසි වී තිබෙනවා.
ඒ බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍ය තොගයක් බවයි පැවසෙන්නේ.
එම මත්ස්‍ය තොගය කිලෝග්‍රෑම් 276ක බරකින් යුත් බවද විදෙස් වාර්තාවල සදහන්.
එරට වෙළෙඳ ආයතනයක් සහ ප්‍රසිද්ධ අවන්හලක්...
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නැයි කොරියාවේ විරෝධතා
දෝෂාභියෝගයකින් බලයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තවදුරටත් එරට විරෝධතා පැවැත්වෙනවා.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.
යුද නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්...
ඊශ්‍රායලයට ඇමරිකාවෙන් තවත් ආයුධ
ඇමරිකාව විසින් ඩොලර් බිලියන අටක් වටිනා තවත් අවි ආයුධ තොගයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ජනාධිපති ජෝ බයිඩ්න් ධූරයෙන් ඉවත් වීමට පෙර මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ ආයුධ තොගය අතර, මිසයිල, හෙල්ෆයර් මිසයිල,...
අධික උණුසුම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට යළිත් ලැව්ගිනි අවදානමක්
ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය, සෙල්සියස් අංශක 45 ට ආසන්න විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු...
තායිවානය, එරට පුරවැසියන්ට අනතුරු අගවයි
චීන හැඳුනුම්පතක් සමඟ චීනයේ ණය ලබාගෙන එය ආපසු නොගෙවන තායිවාන ජාතිකයන් චීනය සමඟ අන්‍යෝන්‍ය නීතිමය ගිවිසුම් ඇති රටවලට ගියහොත් නඩු විභාගය සඳහා චීනයට පිටුවහල් කළ හැකි බව තායිවානය එරට පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
චීන හැඳුනුම්පතක් සමඟින්, තායිවාන ජාතිකයින්ට මූලික ගෙවීමකින්...
පලස්තීනුවන් 68ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මරුට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ වෙසෙන පලස්තීනු වැසියන් 68 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, දකුණු ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ ආරක්ෂක අංශ ප්‍රධානියා සහ සරණාගයින් 9 දෙනෙකු මිය ගිය පිරිසට අයත් බවයි.
එමෙන්ම, ඊශ්‍රායලය සහ හමාස්...
ඉන්දියාව සහ මාලදිවයින අතර සමුද්‍රීය ආරක්ෂාව ගැන සාකච්ඡා
මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.
සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ මාර්ග ගවේෂණය කිරීම සහ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම විදේශ සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන්...














