
දෝෂාභියෝගයකින් බලයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තවදුරටත් එරට විරෝධතා පැවැත්වෙනවා.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රට සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.
යුද නීතිය ක්රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතුවූ විරෝධය හමුවේ දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට බලයෙන් පහ කළ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කළ වරෙන්තුව පසුගිය දා අත්හිටුවා තිබුණේ එරට පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා නිවසට ගිය අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂකයින් සහ පොලිසිය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.
source :- https://tinyurl.com/4xryzzst








