ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.

මෙම මෙහෙයුම යටතේ මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහනවලට, අවහිරතාවයක් වන ආකාරයට අධික ආලෝකයක් නිකුත් කරන පහන් සවි කර ධාවනය කරීම පිළිබඳව අවධානය යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම අධික ශබ්ධයක් නිකුත් කරන ඝෝෂාකාරී ශබ්ධයක් සහිත නලා සවි කිරීම සහ මාර්ගය නිසි ආකාරයට දර්ශනය නොවන ආකාරයට රථය තුළ විවිධ සවි කිරීම් තිබීම ආදී වැරදි සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුළ මෙම වැරදි සම්බන්ධයෙන් දඩ අය කිරීමක් නඩු පැවරීමක් සිදු නොකරන අතර රියදුරන් දැනුවත් කිරීමක් පමණක් සිදු කරන බවද සඳහන්.

ඒ නිසා එවැනි සවි කිරීම් ඉවත් කරන්න ලෙසද රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/3pwtsxsn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here