වාහන ආනයනය නතර කිරීම සහ පැවති ණයවර ලිපි අහෝසි කිරීම යන තීරණ හේතුවෙන් වාහන ආනයනය යළි ආරම්භ කිරීමේදී ජපානය පාර්ශ්වයෙන් බොහෝදුරට බාධා මතුවීමට ඉඩ ඇතැයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, වාහන මිලදී ගැනීම සඳහා දැන් සිටම අත්තිකාරම් මුදල් බැඳීම ද නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කෙරුණු අතර වසර ගණනාවකට පසු එම සීමා එකවර ලිහිල් නොකර, කාණ්ඩ 04ක් යටතේ වාහන ආනයනයට අවසර දෙන බව පසුගිය වසරේ මැයි මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණා.

අනතුරුව මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික පරිහරණය සඳහා ද වාහන ආනයනයට අවසර ලබා දීමට රජය විසින් කැබිනට් අනුමැතිය ද ලබා ගත්තා.

source :- https://tinyurl.com/35y4n4fv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here