මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ මාර්ග ගවේෂණය කිරීම සහ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම විදේශ සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඛලීල්ගේ ඉන්දීය සංචාරය පැමිණෙන්නේ මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවට පැමිණ මාස තුනකට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහිදී ඔවුන් ඉන්දීය – මාලදිවයින් සබඳතාවල සෑම අංශයක්ම පාහේ ආවරණය කරමින් පුළුල් සාකච්ඡා පවත්වනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

source :- https://tinyurl.com/zwcn9ubn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here