ඒකක 41.38කින් කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.38 කින් ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රතිශතාත්මක ලෙස එය 26%ක ඉහළ යාමක්.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,257.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.4ක් ලෙසයි.
source :- https://tinyurl.com/yck3yw8z
ඒකක 226.35කින් කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 226.35කින් ඉහළ ගොස් 16,152.35 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 4.4ක් ලෙසයි සටහන් වෙන්නේ.
source :- https://tinyurl.com/mr3rkc5u
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක්.
එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබෙනවා.
එහි වැඩිවීම...
කොටස් වෙළඳපොල තවදුරටත් පහතට
කොළඹ කොටස් වෙළඳපොල අද (06) දිනයේ දී තවදුරටත් පහත වැටීමකට ලක්ව තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහත වැටුණු අතර 15,878.60 කින් අවසන් වුණා.
එය ප්‍රතිශතයක් ලෙස 1.06%ක්.
එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.5 ක්.
source :- https://tinyurl.com/2pjsuu8f
කොටස් වෙළෙඳපොල සියලු කොටස් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 299.13 කින් පහළ වැටී 16,049.42 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 11.4 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
source :- https://tinyurl.com/27ujn2v6
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0044ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5884ක් ලෙස වාර්තා වී...
කොටස් වෙළෙඳපොළ පළමු වරට ඒකක 16,000 ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.
ඉතිහාසයේ පළමුවරටයි මෙසේ 16,000 සීමාව පසුකර ඇත්තේ.
ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබෙනවා.
S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය...
භාණ්ඩ 63ක වෙළෙඳ බද්ද එලෙසින්ම පවත්වාගෙන යයි
සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු...
වෙළෙඳපොළේ පහළ ගොස් තිබූ බිත්තරයක මිල ඉහළට
රජය විසින් ලුණු ආනයනයට ගත් තීරණයත් සමග පළමුව ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ගෙන්වීමට කටයුතු කරන බව රාජ්‍ය, වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලුණු ආනයනය සදහා ලංසු කැදවීම හෙටින් අවසන්...
රුපියලේ වර්ධනය 10.7%ක්
2024 වසර තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල සියයට 10.07 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.
මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලින් පවුම්, යුවාන්, යෙන්, ඉන්දියානු රුපියල් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණය වූ බවයි.
වසර තුළ එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතීමද විශේෂත්වයක්.
එසේම,...














