අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 235ත් 264 අතරත්, පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත් මිල සටහන්...
භාණ්ඩ අපනයනකරුවන්ට සහනයක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහාවන කාල සීමාව ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති"...
හිතා ගන්නවත් බැරි විදිහට අද කොළඹ කොටස් වෙළෙඳපොළට සිදු වූ දේ
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 78.24 කින් පහල ගිය අතර එය ප්‍රතිශතයක් ලෙස0.45%%ක්.
කෙසේ වෙතත් දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,281.95 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 6.8 ක්.
අපනයනයෙන් ඩොලර් මිලියන 70ක ආදායමක්
පසුගිය නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 13.08කින් ඉහළ ගොස් තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ, ඒ තුළින් ඩොලර් මිලියන 70ක ආදායමක් උපයාගෙන ඇති බවයි.
එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත...
පුවක් මිල තවදුරටත් ඉහළට
පුවක් මිල තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිම හමුවේ ඒ සඳහා මෙතෙක් වාර්තාවූ ඉහළම මිල මේ දිනවල නියමවී ඇති බව වෙළඳුන් පවසනවා.
ඒ අනුව මේ දිනවල ලොකු පුවක් ගෙඩියක මිල රුපියල් 50 ක්ව පවතින අතර, සාමාන්‍ය ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නගී
සතිය ආරම්භය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.58ක් ලෙස දැක්වුණා.
එය සියයට බිංදුවයි දශම එකයි හතකින් ඉහළ යමින්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස දැක්වුණු අතර, එය සියයට...
රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සහනය...
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.4949ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.4983ක් ලෙස වාර්තා වී...
ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තු පහළ දැමීමේ සූදානමක්
ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තුව සියයට 04කින් අඩුකළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ රුපියල් 28ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකල හැකි බවයි.
පසුගිය ගාස්තු සංශෝධනයෙදි ඔටෝ...
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (24) දින ඒකක 108.13 කින් හෙවත් (0.64%) පහත වැටී තිබෙනවා.
ඒ අනූව සියලු කොටස් මිල දර්ශකය 16,917.86 ක් ලෙස සටහන් වුණා.
මේ අනූව පිරිවැටුම රුපියල් බිලියන 7.4 ක් ලෙසයි වාර්තා වන්නේ.
source...














