භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහාවන කාල සීමාව ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද අතර, එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම රීති 2024.09.04 වැනිදා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතර, එසේ අනුමත කළ දින සිට එය බලාත්මකයි.

මෙම රීතියට අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුටම අවසරලත් ගෙවීම් සදහා භාවිතයෙන් අනතුරුව, ශේෂය එකී ආදායම ලද මාසයද ඇතුළුව ලිත් මාස තුනක් (03) ඉකුත්වීමෙන් පසුව එළැඹෙන මාසයේ දහවන (10) දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතුයි.

එමෙන්ම පෙර පැවති රීති වලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වැනි (07) දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුයි.

source :- https://tinyurl.com/yf44zbp6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here