ලොව පළමු ට්‍රිලියනපතියා බවට ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් 2027 වසරේදී පත්වනු ඇති බව නවතම විශ්ලේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බව ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ ගෞතම් අදානි ලොව දෙවැනි ට්‍රිලියනපතියා වනු ඇති බවද එම විශ්ලේෂණ වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා.

මෙම විශ්ලේෂණ වාර්තාවට අනුව පළමු ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ලැයිස්තුවේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි ද සිටින බව සඳහන්.

source :- https://tinyurl.com/ms22hj8u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here