සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20 දරණ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශයේ අදහසයි.

එසේම, දේශීය කෘෂි සහ ධීවර කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ ද වෙනස් වන්නේ නැහැ.

source :- https://tinyurl.com/35vesxbb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here