සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි පිරිසක් මුදාගනී
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 260කට වැඩි පිරිසක් බේරාගෙන තායිලන්තයේ බලධාරීන්ට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සයිබර් අපරාධ කඳවුරු වැටලූ මියන්මාර කැරලිකාර කණ්ඩායමක් වන ප්‍රජාතන්ත්‍රවාදී කැරන් බෙනවොලන්ට් හමුදාව (DKBA) විසින්...
වාද්දුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධිය අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබා දී තිබෙනවා.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/3kjy2j78
පාසැල් සිසුවෙකු ගෝල කණුවක් කඩා වැටී ජීවිතක්ෂයට
පාසැල් ක්‍රීඩාගංනයක තිබූ පාපන්දු ගෝල කණුවක් කඩා වැටී පොළොන්නරුව - තල්පොත ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොළොන්නරුවේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු දෙනුවන් ඊයේ සවස සිය මව සමග පොළොන්නරුව - තෝපාවැව මහා විද්‍යාලය...
රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 68 වන වියේ පසු වුණා.
කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා වැනි ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇයගේ දේහය පිලිබඳ අවසන්...
අදානි ඩොලර් බිලියනයක ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි
මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඒ බව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ සමාගම විසින්...
නොසන්සුන් වූ රජයේ මුද්‍රණාලය
රජය මුද්‍රණාලයේ අද (13) උදෑසන නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා.
ඒ රජයේ මුද්‍රණාලයේ භෝජනාගාරයේ ආහාර ගැනීමට නොහැකි බව පවසමින් සේවකයින් පිරිසක් ආයතනයෙන් එළියට ගොස් ආහාර ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීයි.
එහිදී මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මෙම සේවකයින්ට එළියට යෑමට අවසර ලබා දී නැහැ.
එම අවස්ථාවේ...
රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතිය පොලිස් භාරයට
ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ ද රැගෙන පලාගිය ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයාගේ පෙම්වතිය බව කියන තැනැත්තියක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම මීට පෙර එම කොස්තාපල්වරයාගේ මව්පියන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.
තවද, එම කොස්තාපල්වරයාට...
බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැත්තා දිවයිනට
ඉන්දියාවට පලාගොස් සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හදුන්වන මන්දලගල, බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැත්තා, අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ කප්පම් ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජීව අත්බෝම්බයක් ළග...
අප්‍රේල් මැද තෙක් උණුසුම් කාලගුණය පවතී
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින...
වැලන්ටයින් සමරන්න බෑ කියූ නිසා පෙම්වතා ළිඳට පනී
වැලන්ටයින් දිනය සැමරීමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමති වීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ඊයේ (12) ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වර්ණකුලරාසා ප්‍රදීපන් නැමති තරුණයෙක්.
ඔහුගේ පෙම්වතියට මෙවර වැලන්ටයින්...














