ඉන්දියාවට පලාගොස් සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හදුන්වන මන්දලගල, බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැත්තා, අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ කප්පම් ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජීව අත්බෝම්බයක් ළග තබා ගැනීම මොහුට විරුද්ධව ඇති චෝදනා බවයි.

එමෙන්ම ඉදිරියේදීත් මෙලෙස ශ්‍රී ලංකාව මග හැර විදේශයන්ට පළා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුව ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

source :- https://tinyurl.com/3935e3te

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here