
රජය මුද්‍රණාලයේ අද (13) උදෑසන නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා.
ඒ රජයේ මුද්‍රණාලයේ භෝජනාගාරයේ ආහාර ගැනීමට නොහැකි බව පවසමින් සේවකයින් පිරිසක් ආයතනයෙන් එළියට ගොස් ආහාර ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීයි.
එහිදී මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මෙම සේවකයින්ට එළියට යෑමට අවසර ලබා දී නැහැ.

එම අවස්ථාවේ සේවකයන් සමග නොසන්සුන්තාවක් ඇති කරගත් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලාච්චුවේ තිබූ පිහියක් එළියට ගෙන වෘත්ති සමිති නායකයන්ට සහ සේවකයන්ට අනතුරක් සිදුකරන්නට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
source :- https://tinyurl.com/4ujpnd54







