පාසැල් ක්‍රීඩාගංනයක තිබූ පාපන්දු ගෝල කණුවක් කඩා වැටී පොළොන්නරුව – තල්පොත ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොළොන්නරුවේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු දෙනුවන් ඊයේ සවස සිය මව සමග පොළොන්නරුව – තෝපාවැව මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබුණේ සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රීඩා තරගයක් නැරඹීම සඳහායි.

සිය මව සමග ක්‍රීඩා තරගය නරඹමින් සිටි කවිඳු ක්‍රීඩාංගනයේ තිබූ ගෝල කණුවක් ඉවත් කිරීමට පිරිසක් පැමිණෙනු දැක ඊට එක්වීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී ගෝල කණුව එසවීමට උත්සහ දැරීමේදී එක් පසක දිරාපත්ව තිබූ ගෝල කණුවේ කොටසක් කවිඳුගේ හිස මතට කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එම අවස්ථාවේදී අදාළ පිරිස් සිසුවා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණු අතර ඉන් අනතුරුව සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මේ අතර ජීවිතක්ෂයට පත්වූ කවිඳුගේ ඇස් ඇතුළු අවයව කොටස් දන්දීමට ද ඔහුගේ දෙමාපියන් තීරණය කර තිබෙනවා.

source :- https://tinyurl.com/28a7a3zn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here