2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර
2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරයේ පසුවන...
රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන්...
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කරන බව මිල්කෝ සමාගම සඳහන් කරනවා.
ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්.
ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර...
තාවකාලිකව වසා දමා තිබූ කොට්ටාව පිවිසුම නැවත විවෘත කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ ඇති වූ ගින්නකින් වාහනයක් ගිනි ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
බස්නාහිර, සබරගමුව සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර...
මීගමුව, මංකුලිය ප්‍රදේශයේ බෑනාගේ පහරින් මාමණ්ඩිය මරුට
මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය සඳහන් කරනවා.
මරණකරු වයස අවුරුදු 40ක් වූ මංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තම දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යාම හේතුවෙන්...
දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින නිවාඩුවක්
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල්...
ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්
5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
source :- t.ly/Pe7aM
‘ලොකු පැටී’ ගේන්න පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට
වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටී නැමැත්තා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට යාමට සූදානමින් සිටිනවා.
ඒ වෙනුවෙන් මේ දිනවල පොලිස් මූලස්ථානයේ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන බවයි පොලිස්...














