
මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය සඳහන් කරනවා.
මරණකරු වයස අවුරුදු 40ක් වූ මංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු තම දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සිදු කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- t.ly/Mwolx







