මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 වැසි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බැවූම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකියි.

source :- t.ly/kFC_D

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here