Wednesday, April 29, 2026

දේශපාලන පුවත්

හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙයි

ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය...

තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙ

ජනාධිපතිවරණයේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04 ට එම කටයුතු අවසන් වන විට සියයට 70 ඉක්මවා තිබුණා. මේ වනවිට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එමෙන්ම, ඇතැම් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය...

ඡන්ද රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් මිය යයි

මැතිවරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් තිබෙනවා. පොලොන්නරුව, පුලස්තිපුර, විජීත ප්‍රථමික විදුහලේ පිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. අද (21) දහවල් හදිස්සියේ ඇති වූ...

පස්වරු 4 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා. අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසා සිටියේ නුවරඑළිය-80% ක්ද, මොණරාගල-77% ක්ද, පොළොන්නරුව-78% ක්ද, රත්නපුර-75% ක්ද, ගම්පහ-80%ක්ද, කොළඹ-78% ක්ද, බදුල්ල 73%, දිගාමඩුල්ල 70%, වන්නි 65%, අම්පාර-70% ක්ද,...

ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යයි

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්දා පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබෙනවා. මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අයත් සියළුම...

අපේක්ෂකයින් සිය ඡන්දය භාවිතා කරයි

ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කර තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට...

ඉදිරියටත් සාමකාමී බව රැකගන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පවතින සාමකාමී තත්වය ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන තෙක් ජනාධිපතිවරණයට අදාළව කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා...

80,000ක බලඇණියක් ජනපතිවරණයේ ආරක්ෂාවට

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා 80,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද දායකයින්ට බලපෑම් කරන කණ්ඩායම්...

සවස 4 ට කලින් ඡන්දය ප්‍රකාශ කරන්න

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4 ට පෙර සිදු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසුරිය පවසනවා. මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ අනුරාධපුරයේ මේ වන විට ඉතා සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කරන බවයි. පෙරවරු...

ඡන්දය පටන් අරන් පැය 5 යි..

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7 ට ආරම්භ කළා. ගත වු පැය 05 ක කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා කියා සිටියේ ඉතා සාමකාමීව මෙවර මැතිවරණ...
statistics